මහර ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් මෙන්ම තමන් නියෝජනය කළ කොට්ඨාසයේ මන්ත්‍රී ධුරයෙන් ද ඉල්ලා අස්වීමට තීරණය කළ බව අතුල කළුආරච්චි මහතා නිවේදනය කරයි.
තම නිල සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, මෙම තීරණය කිසිසේත්ම ක්ෂණිකව ගත් එකක් නොවන බවත්, වසර කිහිපයකට පෙර සිය පක්ෂය සමඟ ඇති කරගත් දේශපාලන එකඟතාව සහ වගකීම් පිළිබඳ මනා අවබෝධයකින් යුතුව ගත් පියවරක් බවත්ය.
දූෂිත පවුල් පාලනය පරාජය කර ජනතාවාදී පාලන තන්ත්රයක් ස්ථාපිත කිරීමේ අරමුණින් මෙම දේශපාලන ගමනට එක්වූ බව සිහිපත් කරන ඒ මහතා, 2024 සැප්තැම්බර් 21 වන දින එම ඓතිහාසික ජයග්‍රහණය අත්කර ගැනීමෙන් පසු රට තුළ ස්ථාවර සංවර්ධනයක නව යුගයක් ආරම්භ වී ඇති බව පෙන්වා දෙයි.
තවද, ඉදිරි ගමන භාරගත හැකි දක්ෂ තරුණ නායකත්වයක් හා ශක්තිමත් කණ්ඩායමක් මේ වන විට බිහිව ඇති බැවින්, තමන් දැරූ වගකීම් නව පරපුරට පැවරීමට සුදුසු පසුබිමක් නිර්මාණය වී ඇති බවද ඔහු පවසයි.
සිය පෞද්ගලික වෘත්තීය කටයුතු සහ ජීවිතය නිසි පරිදි කළමනාකරණය කරගැනීම සඳහා වැඩි කාලයක් හා අවධානයක් යොමු කිරීමේ අරමුණින් මෙම ඉල්ලා අස්වීම සිදුකළ බව පවසන අතුල කළුආරච්චි මහතා, මෙය කිසිසේත්ම දේශපාලන අරමුණු අත්හැරීමක් හෝ ජනතා සේවයෙන් ඉවත්වීමක් නොවන බව දැඩිව අවධාරණය කරයි.
"තනතුරු තාවකාලික වුවද, පෙනී සිටි අරමුණු සහ ජනතාව වෙනුවෙන් වූ කැපවීම සදාකාලිකය" යනුවෙන් පවසන ඒ මහතා, මෙතෙක් තමන් කෙරෙහි විශ්වාසය තැබූ සියලු ජනතාවට සහ සහෝදරත්වයෙන් කටයුතු කළ සගයන්ට සිය කෘතඥතාව පළ කර තිබේ.
Local Politician Resigns from Chairmanship of Mahara Pradeshiya Sabha
Atula Kaluarachchi has announced his decision to resign from both the chairmanship of the Mahara Pradeshiya Sabha and his parliamentary position representing the constituency. The announcement was made via a detailed statement on his official social media account.
Kaluarachchi stressed that this decision was not made lightly; it stems from a deep understanding of political agreement and commitments he had formed with his party several years ago. He reflected on his journey in politics, which began with the intention of defeating corrupt leadership and establishing a democratic governance system.
He expressed confidence that a new era of stable development is beginning in the country, especially following the historic victory scheduled for September 21, 2024. This achievement, he believes, will pave the way for a significant transformation in the political landscape.
Highlighting the emergence of capable young leadership and a strong team ready to tackle future challenges, Kaluarachchi affirmed that he is creating a conducive environment for the next generation to assume responsibility.
In pursuing this resignation, he aims to dedicate more time and attention to managing his personal and professional life. Kaluarachchi emphasized that this move should not be misconstrued as a retreat from political ambitions or public service.
“Although my official roles may be temporary, my commitment to the goals and service to the public remains everlasting,” he remarked, expressing heartfelt gratitude to all those who have placed their trust in him and to colleagues with whom he has worked closely.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.


එතනත් බොරුව ඇත්ත කියහන්කො ඉස්සරහට කන්න වෙනවට බයේ නේද ඔය;මේ ගමන වෙනස්. ගිය ගමන වගේ නෙමෙයි උඹල වගේ කට්ටියයි බුකියේ නටපු ගමේ රඟපු ඩෝබිලා ටිකයි ඔක්කොම අල්ලගන්නවා.
ReplyDeleteathula caterers kadawatha owner
Delete