අපි බදු ගහලා ගන්න සල්ලි ආපසු ජනතාවට සහන විදිහටම දෙනවා..- TB


රට හමුවේ පවතින අභියෝග මධ්‍යයේ වුවද රජය මේ වන විට දැවැන්ත සංවර්ධන කාර්යභාරයක් ඉටුකරමින් සිටින බවත්, ලබන වසරේ සිට නිවාස ඉදිකිරීම් ආධාර මුදල රුපියල් ලක්ෂ 15 දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා බවත් නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා ප්‍රකාශ කරයි.

උත්සව අවස්ථාවකට සහභාගී වෙමින් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, රජය ජනතාවගෙන් බදු මුදල් එක්රැස් කරනු ලබන්නේ එම ප්‍රතිලාභ යළිත් සහන ආකාරයෙන් ජනතාව වෙතම මුදාහැරීමේ අරමුණින් යුතුව බවයි.

ඒ අනුව, වත්මන් වසර තුළ නිවාස ඉදිකිරීම් ආධාර ලෙස ලබාදුන් රුපියල් ලක්ෂ 10ක මුදල එළඹෙන වසරේදී රුපියල් ලක්ෂ 15 දක්වා වැඩි කිරීමට රජය ප්‍රතිපත්තිමය වශයෙන් තීරණය කර ඇති බව ඒ මහතා මෙහිදී අනාවරණය කළේය.

එමෙන්ම ජාතික අයවැය කළමනාකරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මහා භාණ්ඩාගාරයේ පවතින සියලුම මුදල් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා පමණක් වෙන් කිරීමට රජයකට හැකියාවක් නොමැති බවයි. 

රටේ සමස්ත ආර්ථිකය ඉදිරියට ගෙනයාම සඳහා මහාමාර්ග ඇතුළු යටිතල පහසුකම් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රය වෙනුවෙන් ද මුදල් වෙන්කිරීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු කාර්යයක් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.





Government to Raise Housing Assistance to Rs. 1.5 Million Amid Ongoing Development Initiatives

Despite the challenges facing the nation, the government is currently engaged in extensive development projects. T.B. Sarath, the Deputy Minister of Housing, Construction, and Water Supply, announced plans to raise the housing aid amount to Rs. 1.5 million starting next year.

Speaking at an event, the Deputy Minister emphasized that the government collects taxes from the public with the specific aim of redistributing those benefits back to the community as support.

He revealed that the current budget for housing construction assistance, set at Rs. 1 million this year, will be increased policy-wise to Rs. 1.5 million in the upcoming year.

Additionally, the Deputy Minister addressed the management of the national budget, highlighting that the government cannot allocate all funds in the treasury solely for paying state employee salaries. He underscored the necessity of funding infrastructure projects, including highways, to propel the country’s overall economy forward, stating it is essential for development.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. අපි බදු ගෙවන්නේ ඔවයින් රජ්‍යසේවක පඩි ගෙවලා, සහනාධාර දීලා නාස්ති කරන්න නෙමෙයි. රටේ සංවර්ධන ප්‍රතිලාභ අපට අවශ්‍ය නිසයි. රටේ අදායම් මාර්ග ඇති කරන්නයි. ඒ වගේම රට ලස්සන කරන්නයි, පිරිසිඳුවට තියා ගන්නයි, පොදු පහසුකම් වැඩි කරන්නයි. ආණ්ඩුව ඒවා නොකර සහනාධාර දිදී අපේ බදු මුදල් විනාශ කරනවට අපි විරුද්ධයි. ජනතාවගේ ආර්ථිකය වර්ධනයට මුකුත් නොකර සහනාධාර දෙනවා කියන්නෙ හිඟන්නෝ බෝකරනවා වගේ වැඩක්.

    ReplyDelete
Previous Post Next Post