පලෙයි රක්ෂිතයේ එල්.ටී.ටී.ඊ. පුහුණු කඳවුරක් සහ බෝම්බ නිෂ්පාදනාගාරයක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වීඩියෝව සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ ජනතාව නොමග යවන සුළු ප්‍රකාශයක් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වාර්තාව සභාවට ඉදිරිපත් කරමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ වීඩියෝව මගින් පෙන්වා දෙන ස්ථානය එල්.ටී.ටී.ඊ. කඳවුරක් නොව, 'නේචර් ෆාම්'නමින් පවත්වාගෙන ගිය ගොවිපළක් බවයි.
කනගරායම්පුර බටහිර ප්‍රදේශයේ අක්කර 10ක භූමි ප්‍රමාණයක ආරම්භ කර ඇති මෙම ගොවිපළ පසුව අක්කර 21ක් දක්වා අනවසරයෙන් ව්‍යාප්ත කර ඇති බවත්, එය පලෙයි වන රක්ෂිතයට අයත් රජයේ ඉඩමක් බවත් විමර්ශනවලදී තහවුරු වී ඇති බව හෙතෙම පැවසීය.
මෙම අසත්‍ය ප්‍රචාරය මෙහෙයවා ඇත්තේ සංගීත් ජයසේකර නැමැති පුද්ගලයෙකු බවත්, ඔහු වෛද්‍යවරයෙකු සහ ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමක විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාජ හැඳුනුම්පත් භාවිතා කර ඇති බවත් අමාත්‍යවරයා අනාවරණය කළේය.
ඔහුට එරෙහිව රජයේ ඉඩම් අනවසරයෙන් අත්පත් කර ගැනීම, වටිනා දැව ජාවාරම සහ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා යටතේ අධිකරණ ක්‍රියාමාර්ග 7ක් දැනටමත් ගෙන ඇති බව ද අමාත්‍යවරයා සභාවට දැනුම් දුන්නේය.
සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පැවසූ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා, ජාතීන් අතර අසමගිය සහ වෛරය වැපිරීමට දරන මෙවැනි උත්සාහයන්ට රජය කිසිසේත්ම ඉඩ නොතබන බව ද වැඩිදුරටත් අවධාරණය කළේය.
Minister Clarifies Misleading Video Claims About LTTE Training Camp
The Minister of Public Security, Tiran Alles, has firmly stated that recent social media videos alleging the existence of an LTTE training camp and bomb manufacturing facility within the Palai Reserve are entirely false and misleading to the public. He made this clarification during a session in Parliament, emphasizing the need for accurate information on the matter.
Presenting the findings from an investigation into the issue, the minister elaborated that the location depicted in the controversial video is not an LTTE camp but rather a farm operated under the name 'Nature Farm'.
Situated on a 10-acre plot in the western region of Kanagaram, the farm has reportedly expanded illegally to 21 acres, confirmed as government land belonging to the Palai Reserve, according to the investigation results.
Further revelations indicated that the campaign of misinformation is orchestrated by an individual named Sangeeth Jayasekera, who has posed as a doctor and executive director of an international human rights commission while using fraudulent identification documents.
Legal actions against him have already been initiated, with seven cases filed involving charges of illegal acquisition of government lands, timber smuggling, and obstruction of government duties. The minister reported that the suspect has been detained for 14 days under remand.
Minister Alles emphasized that the government will not tolerate attempts that sow discord among communities or incite violence, reiterating that such actions will be met with firm resistance.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

කොටියෙක් කතා කරයි
ReplyDeleteIthin Gihilla Nadu dala allanna thibbane...2009 -2024 Ubalane hitye...Ko kalada?
Deleteකට තමයි කට
ReplyDeleteවනාතවිල්ලුවෙත් තිබ්බෙ ගොවිපලක්. ඒ කාලයෙත් අන්තවාදය ගැන කථා කරපු අයව නිශ්ශබ්ද කරලා අවසානයෙ රට පුරා බොම්බ පත්ත වෙනකම් ඇහැරණෙ නැහැ. දැනුත් මෙම මනුස්සයා කිව්වෙ නැත්නම් හොර ගොවිපල ගැන රට දන්නෙ නැහැ. හොරෙන් අල්ලපු ඉඩමක් ගැන විතරක් කිව්වොත් කවුරුත් ගනන් ගන්නෙ නැහැ. පණිවුඩ කරුට වෙඩි තියලා ඉවරයි. දැන්වත් විධිමත් පරීක්ෂණයක් කරන්න.
ReplyDeleteabsolutely right.
Deleteado LTTe govipalakada???? hik hik
ReplyDeleteකොටිය කිව්වනම් ඉතින් කතා දෙකක් නෑ ගොවිපලක්ම වෙන්ඩ ඇති.
ReplyDeleteආ කවුද බැලුව! මේ ආනන්ද් විජයපාලන් කුමාරවේලුනෙ.
ReplyDeleteලංකාවේ මහජන ආරක්ෂක ඇමති කොටින්ට ඔත්තු දීලා පොලිසියෙන් පන්නපූ එකෙක් .. තාත්තා දෙමළා, අම්මා සිංහල ගෑනි, 😂😂 ආතල් නේද ඩෝබි ගව බයියනේ..
ReplyDeleteරට නියමෙටම ආරක්ෂා කරයි .. බලන් හිටපල්ලා බූරුවෝ රැල...