ගෙවත්තක් හා වගාබිමක් ආවරණය වන පරිදි අනවසරයෙන් ඇද තිබූ ප්‍රමිතියෙන් තොර විදුලි රැහැනක ගැටීමෙන් ගිරාඳුරුකෝට්ටේ, රත්කිඳ ප්‍රදේශයේදී වන අලියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
රත්කිඳ වනජීවී බීට්ටු බලප්‍රදේශයට අයත් කුඩාවිල සහ බෑනාපුර ගම්මාන මායිමේ පිහිටි නිවසක භෝග ආරක්ෂා කරගැනීම සඳහා මෙම මාරක විදුලි රැහැන අදාළ ඉඩම් හිමියා විසින් සවිකර තිබූ බව හෙළිව ඇත.
මෙලෙස අවාසනාවන්ත ලෙස විදුලිසැර වැදී මියගොස් ඇත්තේ උසින් අඩි 7ක් පමණ වන, වයස අවුරුදු 15ත් 20ත් අතර පසුවන සවිමත් වන අලියෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවූ උල්හිටිය වනසත්ත්ව අඩවි ආරක්ෂක ඉන්දික රණතුංග මහතා ඇතුළු වනජීවී නිලධාරීන් විසින් අනවසරයෙන් විදුලි රැහැන් ඇද තිබූ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
පසුව ඔහු මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට නියෝග කෙරිණි.
මියගිය වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අම්පාර වනජීවී පශු වෛද්‍ය නිලධාරීවරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ ස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
ගිරාඳුරුකෝට්ටේ - සී. කුමාර
Young Elephant Electrocuted in Ratkinda Amidst Illegal Electric Fence
In a tragic incident in the Ratkinda area of Girandurukotte, a young elephant lost its life after coming into contact with an illegal electric fence set up on a property intended for crop protection.
Authorities revealed that the hazardous electric fence was installed by the landowner in the vicinity of the Kudawila and Benapura villages, as part of measures to safeguard agricultural produce.
The deceased elephant, estimated to be between 15 and 20 years old, stood approximately 7 feet tall. This unfortunate event highlights the dangers posed by unauthorized and lethal wildlife deterrents.
Investigations led by Indika Ranathunga, Deputy Director of the Wildlife Protection Bureau in Ulhitiya, resulted in the arrest of the individual suspected of setting up the illegal electric fence.
Subsequently, the suspect was presented before the Mahiyangana Magistrate's Court and was released on stringent bail conditions.
A post-mortem examination of the deceased elephant is scheduled to take place under the supervision of a veterinary officer from the Ampara wildlife division.
— C. Kumara, Girandurukotte
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

පාලිත තෙවරප්පෙරුම මැරුණෙත් ඔහොම නේ.
ReplyDelete